Saturday, October 19, 2024

General line - 0115112241

අපේක්‍ෂකයන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

කමල් සුරවීර




එළඹෙන මහමැතිවරණයේදී මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති නීතිරීතිවලට අනුව කටයුතු කරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සියලු අපේක්‍ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඔහු පැවසුවේ නීතිරීති උල්ලංඝණය කරන අපේක්‍ෂකයන්ට පක්ෂ භේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

මහමැතිවරණය අවසන් වූ පසු පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් සහ ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන්ද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මෙහිදී කරුණු පැහැදිලි කළා.