Wednesday, October 23, 2024

General line - 0115112241

නවසීලන්ත කාන්තා කණ්ඩායම මංගල විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගනී




පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානයක පළමු ජය වාර්තා කිරීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ, දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවති අවසන් මහා තරගය ලකුණු 32 කින් ජය ගනිමින්. 

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 ක් පමණක් දැවී ලකුණු 158 ක් රැස් කළා.

කෙසේවෙතත් ලකුණු 159 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 126 ක් පමණයි.