Wednesday, October 23, 2024

General line - 0115112241

මංගල එක්දින තරගයේදී ලකුණු අතරට ආ හැටි නිශාන් මධුෂ්ක හෙළි කරයි

කමල් සුරවීර




ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පිටියේදී ලබාදුන් උපදෙස් හේතුවෙන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින තරගයේදී තමන්ට ලකුණු අතරට පිවිසීමට හැකි වූ බව ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක පවසනවා. 

සිය මංගල එක්දින ක්‍රිකට් තරගයේදී නිශාන් මධුෂ්ක පන්දු 54 කදී ලකුණු 69 ක් රැස්කළා. 

ඊට එක් හයේ පහරක් සහ හතරේ පහර 07 ක් ද ඇතුළත් වුණා. 

දෙරට අතර පැවති පළමු එක්දින තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට නිශාන් මධුෂ්ක මෙලෙස පිළිතුරු ලබාදුන්නා.


සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගනු ලැබුවේ කඩුලු 05 කින්. 

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 38 යි පන්දු 03 ක් අවසානයේ කඩුලු   04 ක් දැවී ලකුණු 185 ක් රැස්කර සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.  

ඒ අනුව තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 37 කදී රැස් කිරීමට හිමි වූ ලකුණු සංඛ්‍යාව 232 ක්. 

පන්දුවාර 31 යි පන්දු 05 ක් අවසානයේ කඩුලු 05 ක් පමණක් දැවී ලකුණු 234 ක් රැස් කරමින් ශ්‍රී ලංකාව තරගය ජය ගත්තා. 

නායක චරිත් අසලංක පන්දු 71 කදී ලකුණු 77 ක් රැස් කළා. 

ඔහුගේ ඉනිමට හයේ පහර 03 ක් සහ හතරේ පහර 08 ක් ඇතුළත් වුණා. 

චරිත් අසලංක වේගවත්ම එක්දින ලකුණු 2000 පසුකල දෙවන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට ද පත් වුණේ ඉනිම්  56 කදී එම ලකුණු රැස් කර ගනිමින්.