Tuesday, October 22, 2024

General line - 0115112241

වකාර් යුනිස්ගේ වසර 24 ක් පැරණි වාර්තාවක් දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නෙක් බිඳ හෙළයි




ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අඩුම පන්දු සංඛ්‍යාවකින් කඩුලු 300 ක් බිඳ හෙලූ පන්දු යවන්නා ලෙස වාර්තා අතරට එක්වීමට දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක කගීසෝ රබාඩා සමත්ව තිබෙනවා. 

ඒ, බංග්ලාදේශ කණ්ඩායම සමඟ මීර්පූර්හීදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදීයි. 

එම තරගයේදී ලකුණු 26 කට කඩුලු 03 ක් දවාගනිමින් ටෙස්ට් කඩුලු 300 සීමාව පසුකර යාමට කගීසෝ රබාඩා සමත් වුණා. 

ඔහු ටෙස්ට් කඩුලු 300 ක් දවා ගැනීම සඳහා පිතිකරුවන් වෙත යොමු කර තිබූ මුලු පන්දු සංඛ්‍යාව 11,817 ක්. 

ඒ අනුව රබඩා විසින් බිඳ හෙලනු ලැබුවේ හිටපු පාකිස්තානු වේග පන්දු යවන ක්‍රීඩක වකාර් යුනිස් මීට වසර 24 කට පෙර පිහිටුවා තිබූ වාර්තාවක්.

වකාර් යුනිස් ටෙස්ට් කඩුලු 300 ක් දවා ගැනීම සඳහා පන්දු 12,602 ක් වැයකර තිබුණා. 

ඒ අනුව ටෙස්ට් කඩුලු 300 ක් දවා ගැනීම සඳහා පන්දු 12,000 කට අඩු සංඛ්‍යාවක් වැය කළ ලොව පළමු පන්දු යවන්නා ලෙසද කගීසෝ රබාඩා ඉතිහාසයට එක් වනවා.