Monday, November 25, 2024

General line - 0115112241

මහ ඡන්දයේදී තැපෑලෙන් ඡන්දය දෙන පිරිස වැඩිවෙයි




ජනාධිපතිවරණයට වඩා මෙවර මහමැතිවරණයේදී තැපෑලෙන් ඡන්දය භාවිත කිරීමට රාජ්‍ය සේවකයින් වැඩි වශයෙන් පෙළඹී තිබෙනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ එය ජනාධිපතිවරණයට සාපේක්‍ෂව තැපැල් ඡන්ද දායකයින් 22,000ක පමණ වැඩි වීමක් බවයි. 

මෙවර වැඩිම තැපැල් ඡන්ද දායකයින් සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 78,036ක්.