බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩයම සමග පැවැත්වෙන එක්දින ක්රිකට් තරඟාවලියද තවත් තරඟයක් ඉතිරිව තිබියදී ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම ඊයේ රාත්රියේ සමත් වුණා. ඒ, දෙවැනි එක්දින තරඟය කඩුලු 05කින් ජය ගනිමින්.
තරඟයේ පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 36ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 189ක් රැස් කළා.
කොදෙව් ඉනිමේ කඩුලු 08ක් ලකුණු 58ක් තුළ බිඳ වැටුණා.
පසුව 09වන කඩුල්ල සඳහා වාර්තාගත ලකුණු 110ක සබඳතාවක් කොදෙව් ඉනිමේ ගොඩනැගුණා.
පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුලු 04ක් සහ මහීෂ් තීක්ෂණ සහ අසිත ප්රනාන්දු කඩුලු 03 බැගින් බිඳ හෙළුවා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 38යි පන්දු 02ක් අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 190ක් ලබා සිය ජයග්රහණය වාර්තා කළා.නායක චරිත් අසලංක නොදැවී ලකුණු 62යි.
ඒ අනුව ශ්රී ලංකාව තරඟාවලිය ජය ගත්තේ දෙකට එකක් ලෙසයි.
දෙරට අතර පැවැත්වෙන අවසන් එක්දින තරඟය එළඹෙන 26 වනදා පල්ලේකැලේදී පැවැත්වීමට නියමිතයි.