Monday, November 25, 2024

General line - 0115112241

බස්නාහිර සහ වයඹ දින තුනක විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක්




පැවති වර්ෂාව හේතුවෙන් ගං වතුර තත්ත්වයන් ඇති වූ බස්නාහිර සහ වයඹ පළාත්වල දින තුනක විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් අද සිට ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එම ඒකකයේ වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහතා පැවසුවේ බස්නාහිර පළාතේ සහ වයඹ පළාතේ අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බලප්‍රදේශ 22ක් ආශ්‍රිතව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි. 

මේ වන විට මෙරට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 12කින් ඩෙංගු රෝගීන් වාර්තා වන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහතා පැවසුවේ ඊසාන දිග මෝසමත් සමග යළි ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බවයි. 

මේ වසරේ මේ දක්වා කලය තුළ ඩෙංගු රෝගීන් 40,000ක් වාර්තා වී ඇති අතර වාර්තාවන මරණ සංඛ්‍යාව 20ක්.