Monday, November 25, 2024

General line - 0115112241

මැතිවරණ පැමිණිලි 600ක් දක්වා ඉහළට




මහමැතිවරණයට අදාළ තවත් පැමිණිලි 63ක්ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම පැමිණිලි ලැබී ඇත්තේ ඊයේ පස්වරු 04යි 30න් අවසන් වූ පැය 24දීයි.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 02ක් සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 61කට අදාළව එම පැමිණිලි ලැබී තිබෙනවා.

ඒ අනුව පසුගිය මස 26 වනදා සිට ඊයේ දිනය දක්වා මැතිවරණ කොමිෂන් සභාවේ පැමිණිලි මධ්‍යස්ථාන වෙත ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 600ක්.

ඒ අතරින් පැමිණිලි 477ක් විසඳීම සඳහා මේ වන විටත් කටයුතු කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.