Friday, October 25, 2024

General line - 0115112241

මහ ඡන්දයේ ඇඟිල්ලේ ප්‍රශ්නය විසඳෙයි




2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන ඡන්ද දායකයන්ගේ වම් අතෙහි දබර ඇඟිල්ල උචිත ලකුණෙන් සලකුණු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

කිසියම් ඡන්ද දායකයෙකුගේ වම් අතෙහි දබරැගිල්ල නොමැති නම් ඔහුගේ දකුණු අතෙහි වෙනයම් ඇඟිල්ලක් ඡන්දය ප්‍රකාශ කිරීමේදී උචිත ලකුණින් සලකුණු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතාගේ අත්සනින් නිකුත් කෙරුණු මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ.

පසුගිය සැප්තැම්බර් 21වනදා පැවති ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්ද දායකයාගේ වම් අතේ සුළැඟිල්ල පාට කෙරුණු අතර එළඹෙන සෙනසුරාදා පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ඡන්ද දායකයාගේ වම් මහපට ඇඟිල්ල පාට කිරීමට මීට පෙර තීරණය කර තිබුණා.

ඒ, ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළ ඇතැම් ඡන්ද දායකයන්ගේ සුළැඟිල්ලේ ඇති තීන්ත මෙතෙක් ඉවත් නොවීම හේතුවෙන්. 

ඒ අනුව 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 38 3 ආ වගන්තියෙන් ඡන්ද දායකයා උචිත ලකුණින් සලකුණු කිරීම සම්බන්ධයෙන් මෙවර මහමහැතිවරණයේදී මතුවිය හැකි ගැටලු නිරාකරණය කිරීම සඳහා ඉහත තීරණය ගනු ලැබූ බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.