Friday, October 25, 2024

General line - 0115112241

ඉදිරි පැය 24 තුළ ඉන්දියාවට සුළි කුණාටුවක්




ඉදිරි පැය 24 තුළ ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා සහ බටහිර බෙංගාල ප්‍රාන්තවලට සුළි කුණාටු අවදානමක් ඇති විය හැකි බවට ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

මේ හේතුවෙන් මිලියන 1යි දශම 5 කට අධික පිරිසක් එම ප්‍රදේශවලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය මාධ්‍ය පැවසුවේ ධනා ලෙස නම් කර ඇති එම සුළි කුණාටුව පැයට කිලෝමීටර් 110ක වේගයෙන් ගොඩබිම් ප්‍රදේශවලට කඩාවදිනු ඇති බවයි.

සුළි කුණාටුව සමග අධික වර්ෂාපතනයක් ලැබිය හැකි බැවින් ගංවතුර තත්වයන් ද ඇති විය හැකි බවටයි ඉන්දීය කාලගුණ විද්‍යා  දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත්තේ.