Monday, November 25, 2024

General line - 0115112241

දේශපාලනය ගැන ජනතා විශ්වාසය සියයට 20ක් දක්වා අඩු වී ඇතැයි අගමැතිනිය කියයි




දේශපාලනය ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳව ජනතා විශ්වාසය අද වන විට සියයට 20ක් දක්වා අඩු වී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

2011 වසරේදී එය සියයට 60ක ප්‍රතිශතයක පැවති බවයි අග්‍රාමාත්‍යවරිය පැවසුවේ. 

සිය ආරක්‍ෂාව සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අදහස් පළ කළා. 

කොළඹ නගරයේ බැංකුකරුවන්, මූල්‍ය ව්‍යාපාරික ප්‍රජාව සහ බුද්ධිමතුන්ගේ හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙම අදහස් පළ කළා.