Friday, December 27, 2024

General line - 0115112241

ඊශ්‍රායල ප්‍රහාරයකින් ලෙබනනයේ රැඳී සිටි මාධ්‍යවේදීන් තිදෙනෙකු මරුට




ඊශ්‍රායලය විසින් දකුණු ලෙබනනයට එල්ල කල ගුවන් ප්‍රහාර හේතුවෙන් එරට මාධ්‍යවේදීන් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා.

ප්‍රහාරයෙන් තවත් මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. ප්‍රහාරය ලෙබනනයේ හිස්බයියා නගරයේ නවාතැන්පලකට එල්ල වී තිබෙනවා.

මාධ්‍යවේදීන් තිදෙනා අදාළ නවාතැන්පලේ විවේක ගනිමින් සිටියදී මෙම ප්‍රහාරයෙන් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ  කැමරා ශිල්පී ගසාන් නජ්ජර්, අල්-මයාඩීන් ප්‍රවෘත්ති ආයතනයේ සේවය කළ ඉංජිනේරු මොහොමඩ් රෙඩා සහ හිස්බුල්ලා සංවිධානයට අයත් අල්-මනාර් රුපවාහිනි මධ්‍යස්ථානයේ සේවය කළ කැමරාකරුවෙකුයි.

විදෙස් මාධ්‍ය පැවසුවේ මාධ්‍යවේදීන් සිටි නවාතැන්පලේ  ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය සිදු වී ඇති බවයි. කෙසේ වෙතත් එම ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලය මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැහැ. මෙම ප්‍රහාරය සිදුව ඇත්තේ බීරූට්හි දකුණු තදාසන්න ප්‍රදේශයේ අල්-මයාඩීන් රූපවාහිනී මධ්‍යස්ථානයට පහර දී පැය 24 කට පසුව බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.