Monday, November 25, 2024

General line - 0115112241

ජනපති හා විදේශ තානාපතිවරු කිහිප දෙනෙකු අතර හමුවක් අද




ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දකුණු අප්‍රිකාවේ සහ නවසීලන්තයේ මහ කොමසාරිස්වරුන්, ඉරාන සහ මියන්මාර තානාපතිවරුන් මෙන්ම යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.

එම රටවල් සමඟ ද්විපාර්ශ්වික සබඳතා  ශක්තිමත් කර ගැනීම මෙන්ම ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ සහයෝගීතාව ඉහළ නංවා ගැනීම වෙනුවෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳ සොයා බැලීම මෙම සාකච්ඡාවල අරමුණ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ශක්තිමත් ජාත්‍යන්තර හවුල්කාරිත්වයක් පවත්වාගෙන යාම වෙනුවෙන් තවදුරටත් ශ්‍රී ලංකාව කැප වී සිටිනවා. ලොව සියලු රටවල් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩිදියුණු කර ගැනීම සහ ආර්ථික, දේශපාලන හා සමාජීය සහයෝගීතාව වර්ධනය කර ගැනීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේ.