Monday, November 25, 2024

General line - 0115112241

ඥානසාර හිමියන්ගේ අභියාචනය විභාග කිරීම සඳහා දින දෙයි

උදය කුමාර




වසර හතරක සිර දඬුවමින් තමන් වහන්සේ නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම විභාගය සඳහා අද දින ලබා දුන්නා.

ඒ, ඊට අදාළ පෙත්සම මේනකා විජේසුන්දර සහ ගිහාන් කුලතුංග යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

ඒ අනුව එම පෙත්සම ලබන වසරේ අප්‍රේල් මස 03 වනදා කැඳවන ලෙස අභියාචනාධීකරණය නියම කළා.

2016 වසරේ කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවකදී පළ කරන ලද අදහස්වලින් ඉස්ලාම් ආගමට අපහාසයක් සිදු කළේ යැයි කියන චෝදනාවට වරදකරු කර නියම කර ඇති දඬුවමින් තමන් වහන්සේ නිදහස් කරන ලෙසට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඉල්ලා තිබෙනවා.