සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වන සහ අවසන් තරගය අද පැවැත්වෙනවා.
දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිත එම තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිත ඇත්තේ පස්වරු 2යි 30ටයි. දෙරට අතර මෙතෙක් පැවති තරග දෙකම ජයගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමයි.
ඒ අනුව තරගාවලියේ ජය හිමිකර ගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයද ජයගත හොත් එක්දින පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට සමත් වනවා.
මේ අතර අද පැවැත්වෙන තරගයට ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායමේ සුළු වෙනසක් පමණක් සිදුකරනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි පැවසුවේ.
පසුගිය තරගාවලිවලට සාපේක්ෂව ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ දක්ෂතාවල වර්ධනයක් දක්නට ඇති බවත් එය තවදුරටත් වර්ධනය කරගනිමින් ඉදිරි තරගවලට ක්‍රීඩකයන් යොමු කරන බවද ඔහු කියාසිටියා.