Monday, November 25, 2024

General line - 0115112241

රටේ ආරක්‍ෂාව ගැන තානාපතිවරුන් දැනුවත් කරන්නැයි හිටපු විදේශ රාජ්‍ය අමාත්‍යවරයෙක් ආණ්ඩුවට කියයි




ආරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කරන බවට ලැබුණු තොරතුරට ශ්‍රී ලංකාව ගත් පියවර සම්බන්ධයෙන් තානාපති කාර්යාල දැනුවත් කළ යුතු බව හිටපු විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසනවා.

එම ප්‍රදේශයේ නැවත දැනුම් දෙන තුරු සංචාරය නොකරන ලෙසට රටවල් කිහිපයකින්ම සිය වැසියන්ට අනතුරු අඟවා තිබුණා.

ඒ අනුව ආරුගම්බේ සහ ශ්‍රී ලංකාවේ සංචාරක කලාප ආශ්‍රිතව ආරක්‍ෂාව සම්බන්ධයෙන් ගනු ලැබූ වැඩපිළිවෙළ පිළිබඳව විධිමත් අයුරින් තානාපති කාර්යාල දැනුවත් කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු බවයි හිටපු විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහනට එක්වෙමින්.  

විදේශිකයන්ගේ සහ මෙරට පුරවැසියන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් අදාළ ආයතන මේ වන විටත් පියවර ගෙන ඇති බවයි නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහනට එක්වෙමින් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මහින්ද ජයසිංහ මහතා පැවසුවේ.

නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහන නෙත් නිවුස් යු ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.