ඉරානයේ හමුදා ඉලක්ක කිහිපයක් වෙත ඊශ්‍රායලය විසින් අද අලුයම ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
ඉරාන පාලනය මාස කිහිපයක සිට තමන්ට එරෙහිව සිදු කරන අඛණ්ඩ ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් මෙම ප්‍රහාර දියත් කළ බවයි ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසන්නේ. ඉරාන මාධ්‍ය විසින්ද වාර්තා කර තිබුණේ ඝෝෂාකාරී පිපිරීම් කිහිපයක් සිදුවූ බවයි. ඉරානයේ ටෙහෙරාන් අගනුවරට බටහිර ප්‍රදේශයෙන් මෙම පිපිරීම් හඬ ඇසුණු බවද මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
කෙසේවෙතත් එල්ල වූ ප්‍රහාර ගණන සහ ඒවා එල්ල වූ ස්ථාන පිළිබඳව ඉරානය මෙතෙක් ප්‍රකාශ කර නැහැ.
එමෙන්ම සිරියාවේ මධ්‍යම සහ දකුණු ප්‍රදේශවල ඇතැම් හමුදා කඳවුරු ඉලක්ක කර ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවයි සිරියානු මාධ්‍ය වාර්තා කරන්නේ.
අදාළ ප්‍රහාර දියත් කිරීමෙන් අනතුරුව සිය ප්‍රහාරක යානා නිරුපද්‍රිතව යළි පැමිණි බවද ඊශ්‍රායලය නිවේදනය කළා.