Monday, November 25, 2024

General line - 0115112241

අරුගම්බේ ප්‍රහාරය ගැන ලැබුණු බුද්ධි තොරතුර ඇත්තක් ද? 




ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරයේ නිරත ඊශ්‍රායල් ජාතිකයින් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ඇති බවට ලද බුද්ධි තොරතුර සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමු වී තිබෙනවා.

ලද බව කියන එම තොරතුර ව්‍යාජ එකක් ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කරන බවයි අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ.

එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනාගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරන බව ද අමාත්‍යවරයා කියා සිටියා.

ආරුගම්බේ ප්‍රදේශයේ නැවත දැනුම්දෙන තුරු සංචාරය නොකරන ලෙසට රටවල් කිහිපයකින් නිකුත් කළ අනතුරු ඇඟවීම ඉදිරි දින කිහිපය තුළදී ඉවත්කර ගනු ඇති බවද අමාත්‍ය විජිත හේරත් මහතා වැඩිදුරටත් පැවසුවා.