සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා.
තරගය පස්වරු 02.30 ට පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී ආරම්භ වුණා.
කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 17 යි පන්දු 2 කට මුහුණ දී සිටියදී වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නතර කෙරුණා.
ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 81 ක්. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 34 ක් රැස්කර සිටියදී දැවී ගියා.
පැතුම් නිස්සංක ලකුණු 44 ක් සහ කුසල් මෙන්ඩිස් කිසිදු ලකුණක් නොලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා.
දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක ශ්‍රී ලංකා කණ්ඩායම ජයගනු ලැබුවා.
ඒ අනුව එම එක්දින ක්‍රිකට් තරගාවලියේ ජය ද ශ්‍රී ලංකාව හිමිකර ගත්තා.
අද තරගය ද ජය ගතහොත් පූර්ණ එක්දින ක්‍රිකට් තරගාවලියේ ජයක් වාර්තා කිරීමට ද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වනවා.