Monday, November 25, 2024

General line - 0115112241

පොහොට්ටුව හැර ගියපු පිරිස යළි එක්කර ගත යුතුයි - නාමල්




පක්ෂයෙන් ඈත් වූ පිරිස යළි එක්කර ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔවුන් ද එක්කර ගනිමින් පක්ෂය තවදුරටත් ශක්තිමත් කළ යුතු බවයි හිටපු මන්ත්‍රීවරයා ජන හමුවකට එක්වෙමින් කියා සිටියේ.

මේ අතර රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ දැමීම ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ වගකීම සහ යුතුකම බවයි අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතා පැවසුවේ.  

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට රැගෙන ඒමට කටයුතු නොකරන්නේ මන්දැයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කළා. ඒ, මහනුවර පැවති ජන හමුවකට එක්වෙමින්.