Friday, December 27, 2024

General line - 0115112241

චීනයට බියෙන් තායිවානය ආහාර රැස් කරයි




තායිවානයේ රජය සිය යුධ කාලීන ආහාර සැලැස්ම පිළිබඳ දුර්ලභ තොරතුරු ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව රජය මේවනවිට සහල් වැනි තීරණාත්මක සැපයුම්වල මාසික තොරතුරු රැස් කර ගන්නා බවත්, චීනය විසින් සැපයුම් අවහිරයක් සිදු කල හොත් අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රට පුරා පුරා නිසි ලෙස ගබඩා කර ඇති බවට තහවුරු කර ගනිමිස් සිටින බවත් වාර්තා වනවා.

ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වන තායිවානය තමන්ගේම භූමි ප්‍රදේශයක් ලෙස සලකන චීනය, පසුගිය වසර පහ පුරාවට දිවයින පුරා දෛනිකව පාහේ යුද ක්‍රියාකාරකම්වල නිරත වූ අතර, යුද අභ්‍යාස ද ඇතුළුව, වරායන් අවහිර කිරීම් සහ ප්‍රහාර එල්ල කර තිබුණා.

තායිවාන රජය චීනයේ ස්වෛරීත්ව හිමිකම් ප්‍රතික්ෂේප කරමින් සිටිනවා.

පසුගිය සතියේ සිදු කරන ලද දිවයින වටා චීනයේ නවතම යුද අභ්‍යාසවලට ප්‍රධාන වරායන් සහ ප්‍රදේශ අවහිර කිරීම සහ සමුද්‍රීය සහ ගොඩබිම් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම ඇතුළත් බව බීජිං පවසයි.

තායිවානයේ කෘෂිකාර්මික අමාත්‍යාංශය, චීන අවහිරයක් සම්බන්ධයෙන් වන සූදානම පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තාවක් නිකුත් කර ඇති අතර, එහි පිටපතක් රොයිටර් පුවත් සේවය විසින් සමාලෝචනය කර තිබෙනවා.

එහි දැක්වෙන පරිදි නීතියෙන් නියම කර ඇති පරිදි තායිවානය තුල අතිරික්ත සහල් තොග මාස තුනක මට්ටමට වඩා ඉහළ මට්ටමක පවතින බව සහතික කර ඇති අතර ආහාර සැපයුම් "පහළ ප්‍රහාර අවදානම්" සඳහා උත්සාහයක් ලෙස දිවයින පුරා ගබඩා කර ඇති බවයි වාර්තා වන්නේ.

තායිවානයේ දැනට පවතින සහල් තොග අවම වශයෙන් මාස හතක් සඳහා රටේ ජනතාවගේ ආහාර අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් බවත් ආහාර අර්බුදයකදී රට පුරා පිහිටි සැපයුම් මධ්‍යස්ථාන හරහා සහල් සලාක ක්‍රමයට ලබාදීමේ සැලසුම් සකස් කරමින් පවතින බවත් අමාත්‍යාංශය පවසා ඇතැයි සඳහන්.