Monday, November 25, 2024

General line - 0115112241

පවතින දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතු බව ජනපති අවධාරණය කරයි




රට අගාදයට වැටී ඇත්තේ පවතින දේශපාලන යාන්ත්‍රණය හේතුවෙන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

එම තත්ත්වය වෙනස් කිරීම සඳහා ඉදිරි මහ මැතිවරණයට තරග කරන ජාතික ජන බලවේගයේ අපේක්ෂකයින් පාර්ලිමේන්තුවට පත් කර යැවිය යුතු බවයි රත්නපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසුවේ.


කෙටි කාලයක් තුළ රට සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යාමට සිය රජය සමත් වූ බවයි ජනාධිපතිවරයා පැවසුවේ.


මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ඩිජිටල් තාක්ෂණය සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම සඳහා ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා යළි දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ, ජාතික ජන බලවේග ආණ්ඩුව ඒ මහතාට කළ ඉල්ලීමකට අනුවයි.

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලියේ ප්‍රධානියා ලෙස පත් කිරීමටයි ආණ්ඩුවේ අවධානය යොමු වී ඇත්තේ.

ඒ අනුව ඩිජිටල්කරණය සම්බන්ධයෙන් වන නව අමාත්‍යංශයක් පිහිටුවා එහි ලේකම්වරයා ලෙස ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා පත් කිරීමට ද ආණ්ඩුවේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වුණා.

ආණ්ඩුව කළ ඉල්ලීම පිළිගනිමින් ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා මැලේසියාව් සිට දිවයිනට පැමිණ තිබෙනවා.