Monday, November 25, 2024

General line - 0115112241

ඇල්පිටිය පුංචි ඡන්දයේ පරාජය ගැන සජබය සහ පොහොට්ටුව කතා කරයි




ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී කිසිදු පාර්ශවයකට ජනතාව විසින් බහුතර බලයක් ලබාදී නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ ආණ්ඩු බලය ලබා සිටින කණ්ඩායම පවා ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී යම් පසුබෑමකට ලක්ව ඇති බවයි. 


ජනාධිපතිවරණයට සාපේක්ෂව ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනතාව විසින් ලබාදුන් ඡන්ද ප්‍රතිශතය පිළිබඳව සෑහීමකට පත්විය හැකි බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉහළ ප්‍රතිශතයකින් ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වන බවයි.