Monday, November 25, 2024

General line - 0115112241

අත්‍යවශ්‍ය කාරණාවකට පමණක් විදේශ ගමන් බලපත්‍ර ලබා ගන්න - ඇමති විජිතගෙන් ඉල්ලීමක්




අත්‍යවශ්‍ය කාරණාවකට පමණක් විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන ලෙස විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

පසුගිය කාලයේදී විදෙස් ගමන් බලපත්‍ර ලබාදීම ප්‍රමාද වීම හේතුවෙන් විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

නව ක්‍රමවේදයක් යටතේ විදෙස් ගමන් බලපත්‍ර අත්‍යවශ්‍ය සියලුම පුද්ගලයන්ට විදෙස් ගමන් බලපත්‍ර ලබාදීමට බලාපොරොත්තු වන බවද අමාත්‍ය විජිත හේරත් මහතා කොළඹදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සඳහන් කළා.