Monday, November 25, 2024

General line - 0115112241

ජනපති අනුරට අභියෝග කරමින් හිටපු ජනපති රනිල් මීගමුවේදී පළමු රැළිය අමතයි




තමන්ට මෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ද බහුතරය අහිමිවී ඇති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනතාව පසුගිය ජනාධිපතිවරණයේදී තමන්ව ප්‍රතික්ෂේප කළ ද ඉදිරියටත් දේශපාලනය කිරීමට බලාපොරොත්තු වන බවයි මීගමුව ප්‍රදේශයේ පැවති නව ප්‍රජාතාන්ත්‍රවාදී පෙරමුණේ ජන රැලියක් අමතමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ.


නව ප්‍රජාතාන්ත්‍රවාදී පෙරමුණේ නායකයා ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියටත් කටයුතු කරන බව ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ ඉදිරි දින කිහිපය තුළ දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට නියමිත රැළිවලදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාව ඇමතීමට නියමිත බවයි.