ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමට පැමිණ සිටි පිරිසක් හට එම ප්‍රදේශයේ ස්ථාන කිහිපයක බෝම්බ ඇති බවට පවසා ව්‍යාජ බියගැන්වීමක් සිදුකල පුද්ගලයෙකු පොතුවිල් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මහනුවර සිට ආරුගම්බේ ප්‍රදේශයට සංචාරයක් සඳහා පැමිණි පිරිසකගෙන් පොලිසියට ලද පැමිණිල්ලකට අනුවයි.
එහිදී එම පුද්ගලයා, ආරුගම්බේ ප්‍රදේශයේ ස්ථාන 03 ක බෝම්බ ඇති බවත්, එම ප්‍රදේශවලට නොයන ලෙසටත් ඔවුන්ට ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු සිදුකල එම බියගැන්වීම පිළිබද සංචාරකයින් පොලිසියට පැමිණිලි කර ඇති අතර ඉන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරු අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙක්.
අදාළ සැකකරු පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.