Monday, November 25, 2024

General line - 0115112241

දේශපාලන පියපුතු දේපලක් පැද්ද සැප රියක් හෝටලියකින් සොයාගනී




මාතර දිස්ත්‍රික්කයේ හිටපු දේශපාලඥයෙක් සහ ඔහුගේ පුත්‍රයෙකු භාවිත කළ බවට සැක කෙරෙන නීති විරෝධීව එකලස් කරන ලද කැබ් රථයක් මාතර පොල්හේන ප්‍රදේශයේ හෝටල් පරිශ්‍රයක තිබී සොයාගෙන තිබෙනවා.

19 97 අංකයට ලද තොරතුරකට අනුව මාතර පොලිසිය විසින් අදාළ වාහනය සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකය නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ.

අදාළ වාහනයේ වාහන අංකය සහ චැසි අංකය පරීක්ෂා කිරීමේදී අනාවරණවී ඇත්තේ එය ලොරි රථයක් ලෙස ලියාපදිංචි කර ඇති බවයි.

රජයේ රස පරීක්ෂකවරයා ද එම වාහනය පරීක්ෂා කිරීමට නියමිත බව පොලිසිය පැවසුවා.

මේ අතර එම වාහනය සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික්කයේ හිටපු දේශපාලඥයාගේ පුත්‍රයාගෙන් ද අද දිනයේ ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව තිබෙනවා.