Thursday, December 26, 2024

General line - 0115112241

ජපානයේ  ලිබරල් පක්ෂයට බහුතරය අහිමි වෙයි




ජපානයේ පැවැති මැතිවරණයෙන් පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ප්‍රමුඛ සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වී තිබෙනවා.

ඊයේ පැවතී මැතිවරණයෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය සහ එහි සභාග හවුල්කාර කොමේටෝ පක්ෂයට ජයගත හැකිවී තිබුනේ ආසන 215ක් වූ අතර ඒ අනුව 2009 න් පසු පළමු වරට බහුතරය අහිමි වි තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

විශාලතම විරුද්ධ පක්ෂය වන ජපානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන 233ක බලය ලබා ගැනීමට සමත් විය 

මෙම  මැතිවරණය  වසර ගණනාවකට පසු ජපානයේ පැවැත් වූ තරගකාරීම මැතිවරණය බවයි දේශපාලන විශ්ලේෂකයින් පවසන්නේ.

පසුගිය මාසයේ පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්‍ෂයේ ප්‍රධානියා ලෙස තේරී පත් වූ විගස අගමැතිවරයා හදිසි මත විමසුම කැඳවා තිබුණේ ඔහුගේ අගමැතිකම සඳහා මහජන වරමක් දිනා ගැනීමේ අපේක්ෂාවෙනි. 

ඔහුගේ පූර්වගාමියා වූ ෆුමියෝ කිෂිඩා, ජීවන වියදම් අර්බුදය සහ නීති සම්පාදකයින්ට වාර්තා නොකළ පරිත්‍යාග සම්බන්ධ එල්ලවී ඇති දූෂණ චෝදනා නිසා  ජනප්‍රියත්වය පහළ බැස තිබුනා  

මැතිවරණයට අපේක්ෂකයින් 1,344 දෙනෙකු ඉදිරිපත්වී සිටි අතර ඉන් 314 දෙනෙකු කාන්තාවන් වනවා 

ලෝකයේ සිව්වැනි විශාලතම ආර්ථිකය පාලනය කරන්නේ ජපානයයි.