Monday, November 25, 2024

General line - 0115112241

ව්‍යාපාරයක් වූ මෙරට දේශපාලනය වෙනස් කළ යුතු බවට ජනපතිගෙන් ප්‍රකාශයක්




ව්‍යාපාරයක් වී ඇති මෙරට දේශපාලනය වෙනස් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ අනුව රට වෙනස් කිරීම සඳහා අවශ්‍ය වන දේශපාලන නායකත්වය ලබාදීම සඳහා නිවැරදි අමාත්‍ය මණ්ඩලයක් සහ පාර්ලිමේන්තුවක් අවශ්‍ය බවයි බේරුවල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසුවේ.


රට ගොඩනැගීම සඳහා සිදු කෙරෙන ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එහිදී අදහස් පළ කළා.