Thursday, October 31, 2024

General line - 0115112241

ඌරු මස් ගැන ජනතාවට දැනුම් දීමක්




ඌරන්ට වැළඳී ඇති ආසාදන තත්ත්වය දිවයිනේ සියලු ප්‍රදේශවල පාහේ ව්‍යාප්තව ඇති බවට සැකකරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඌරන් පසුගියදා හදිසියේ මියයාම පිළිබඳව සෞඛ්‍ය අංශ පරීක්ෂණ සිදුකල බවයි.

එම ඌරන්ට අප්‍රිකානු සූකර උන රෝගී තත්ත්වය වැළඳී ඇති බවට එහිදී අනාවරණ වූ බවද ඔහු කියා සිටියා.


ඒ අනුව බලපත්‍රලාභී අනුමත ඌරු මස් වෙළඳසැල්වලින් පමණක් ඌරු මස් තවදුරටත් මිලදී ගන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා මහජනතාවගෙන් ඉල්ලීමක් ද කළා. 


පවතින තත්ත්වය හමුවේ ඌරන් ප්‍රවාහනය සිදු කරන්නේ නම් ඊට ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරින්ගේ අනුමැතිය අනිවාර්ය කර ඇති බවයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ.