Sunday, November 24, 2024

General line - 0115112241

ජනාධිපති ලේකම් සහ පෝට් සිටි කලමනාකාර අධ්‍යක්ෂක අතර හමුවක්




ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ පෝට් සිටි කලම්බෝ සමාගමේ කලමනාකාර අධ්‍යක්ෂ ෂියොන්ග් හොංෆෙන්ග් මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුව තිබෙනවා.

කොළඹ වරාය නගරයේ සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව ඇති අතර අනාගත ආර්ථික අභියෝග ජයගැනීමේ නව සැලසුම් පිළිබඳවද එහිදී අවධානයට යොමුව තිබෙනවා.

ගංවතුරෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් පෝර්ට් සිටි කලම්බෝ සමාගම මඟින් රුපියල් මිලියන තුනක මුදල් පරිත්‍යාගයක් ද මෙහිදී සිදු කෙරුණා.

පෝට් සිටි කලම්බෝ සමාගමේ සහකාර කළමණාකාර අධ්‍යක්ෂ ෂියන් නන් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.