Monday, November 25, 2024

General line - 0115112241

දේශබන්දු පොලිස්පති ලෙස පත් කිරීමේ පෙත්සමක රනිල් වග උත්තරකරුවෙකු කරයි

උදය කුමාර




දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම අභියෝගයට ලක් කරමින්  ගොනුකර ඇති පෙත්සමක වග උත්තරකරුකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා.

ඒ, අදාල පත්කිරීම අභියෝගයට ලක් කරමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් ගොනු කළ පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

ප්‍රීති පද්මන් සූරසේන සහ ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා.

එම පෙත්සම අද මෝසමක් මාර්ගයෙන් කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ මෙම පෙත්සමේ වග උත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට අවසර දෙන ලෙසයි.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා වගඋත්තරකරුවකු ලෙස නම් කිරීමට අවසර දුන් විනිසුරු මඩුල්ල ඉන් අනතුරුව පෙත්සම නොවැම්බර් මස 11 වනදා කැඳවීමටද නියම කළා.