Sunday, November 24, 2024

General line - 0115112241

කොටස් වෙළඳපොලේ මාස 32 කට පසු ඉහළම අගය අද




කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 135 යි දශම 5 යි 4 කින් ඉහළ ගියා.

ඒ අනුව අද දිනයේ ගණුදෙනු අවසානයේදී සියලු මිල දර්ශකයේ අගය වාර්තා වුණේ ඒකක 12, 145 යි දශම 6 ක් ලෙසයි.

මෙය 2022 වසරේ පෙබරවාරි මස 03 වනදායින් පසු සියලු කොටස් මිල දර්ශකය වාර්තා වූ ඉහළම අගයයි.

අද දිනයේ කොළඹ කොටස් වෙළඳපොළේ සමස්ත පිරිවැටුප රුපියල් බිලියන 3 යි දශම 9 යි 6 ක් ලෙසයි සටහන්ව තිබුණේ.