2005 වසරේ නොවැම්බර් මස 03 වනදා පළමුව ගුවනට මුසුවන නෙත් එෆ් එම් අද 19 වන සංවත්සරය සමරනවා.
මේ දක්වා ආ ගමන තුළ ශ්‍රී ලාංකේය ජන මනසට තිළිණ කළ දෑ බොහෝයි.
එමෙන්ම ශ්‍රී ලාංකේය ජන මනස යහපත් ලෙස වෙනස් කළ අවස්ථා ද බොහෝයි.
පෙරගමන්කරුවා වූ නෙත් එෆ් එම් රසවින්දනය පමණක් නොව දැනුම, ආකල්ප සහ හැකියාවන් වර්ධනය කර ගැනීම සඳහා ජනතාවට මඟ පෙන්වීමට ද කටයුතු කළා.
එබැවින් වසර 19 ක් ගිය තැනත් නෙත් එෆ් එම් ජන හදවත් තුළ සදාතනිකයි.
ශ්රාවකයින්ට නව මානයන් ඔස්සේ ජීවිතය ජය ගැනීමට මග කියන අභිමානය ද සමඟ උසස් රසවින්දනයෙන්, ප්රවෘත්ති අනාරවණයන්ගෙන්, බැලුම්ගල ගවේෂණයන්ගෙන් එදත්, අදත් සැමදාමත් පොහොසත් නෙත් එෆ් එම් රේඩියෝව සැමදාම ශ්රාවකයින්ට තිළිණ කළේ ගුණාත්මක අත්දැකීමක්.
2005 වසරේ සැප්තැම්බර් මස 15 වන දින අලුයම 05යි 40ට සිය පරීක්ෂණ කටයුතු ආරම්භ කළ නෙත් එෆ් එම් රේඩියෝව පසුව 2005 වසරේ නොවැම්බර් මස 03 වනදා උදෑසන 09යි 40ට නෙත් එෆ් එම් රේඩියෝව නිල වශයෙන් ආරම්භ කෙරුණා.
එදා සිට අද දක්වාම එක සේ ශ්‍රාවක ආකර්ශණය, ආදරය සහ ගෞරවය ද දිනා ගනිමින්, අනාවරණයන් හා විවේචනවලට පමණක් සීමා නොවී රට වෙනුවෙන් වගකිම් ඉටුකිරීමට ක්‍රියාවෙන් පෙරට ආ නෙත් එෆ් එම් රේඩියෝව, එය ආදර්ශයෙන්ම පෙන්වා දුන්නා.
ඒ, නොමද ජනතා ආදරය මැද ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පිලිගත් සම්මාන රැසකින් ද පිදුම් ලබමින්.
පුරා වසර 19 ක් මෙතරම් සම්මානනීය, සාර්ථක ගමනක යෙදීමට නෙත් එෆ් එම් රේඩියෝවට ධෛර්යය වූයේ ශ්‍රාවක ඔබයි.
මෙරට රේඩියෝ වංශ කථාව රන් අකුරෙන් ලියවූ ඒ 19 වසරක මාධ්‍ය මෙහෙවරේ ජීවමාන සාක්ෂිකරුවා ඔබයි.