මහ මැතිවරණයෙන් පසු ස්ථිර වශයෙන්ම දූෂිත දේශපාකලයින්ට දේශපාලනයෙන් සමු ගැනීමට සිදුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා අවධාරණය කළේ ජනතාව විසින් දූෂණ චෝදනා එල්ල වූ අපේක්ෂකයන් ප්රතික්ෂේප කරන බවයි.
විරුද්ධ දේශපාලන කණ්ඩායම් ජනාධිපතිවරණය පරාජය වීමෙන් පසුව රජයේ වැඩපිළිවෙල විවේචනය කරමින් සමාජය තුළ විවිධ මත ගොඩනගමින් සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ විරුද්ධ දේශපාලන පක්ෂ බලය ලබා ගැනීම වෙනුවෙන් සිදු කරන විවිධ ප්රකාශයන්වලට නොරැවටී කටයුතු කරන ලෙසයි.