Sunday, November 24, 2024

General line - 0115112241

රජයේ වෘත්තීය සමිති නිහඬවීම ගැන විරුද්ධ දේශපාලන පක්ෂ කතා කරයි




වර්තමාන රජය බලයට පත්වී ඉතා කෙටි කාලයක් තුළ රටේ ආර්ථිකය සංවර්ධනය කරමින් නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් සිටින බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික එරංග ගුණසේකර මහතා පවසනවා.

ජනතාව ලබාදුන් බලය උපයෝගී කර ගනිමින් තවදුරටත් පවතින දේශපාලන තණ්ත්‍රය වෙනස් කිරීමට බලාපොරොත්තු වන බවයි කොළොන්නාව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.


රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා 2025 අයවැය තුළින් මුදල් වෙන්කර ගන්නා ආකාරය පිළිබඳ රජය පැහැදිලි කිරීමක් සිදුකල යුතු බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා.


මෙවර මහ මැතිවරණයේදී විපක්ෂයේ කණ්ඩායමට පාර්ලිමේන්තු බලය හිමිවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතා පවසනවා.

විපක්ෂයේ අග්‍රාමාත්‍යවරයෙකු තෝරා ගනිමින් ඉදිරියේදී ආණ්ඩුව සමඟ වැඩ කටයුතු කිරීමට සිදුවන බවයි අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.


ආණ්ඩුව නියෝජනය කරන වෘත්තීය සමිති නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම තමන්ට ගැටළුවක් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

පසුගිය කාලය පුරාවටම ආණ්ඩුව නියෝජනය කළ වෘත්තීය සමිති දිගින් දිගටම පැවති රජයන්වල වැඩකටයුතුවලට විවිධ උද්ඝෝෂණ සහ පෙළපාලි සිදු කරමින් බාධා එල්ල කළ බවයි මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.