Sunday, November 24, 2024

General line - 0115112241

ඡන්ද කාඩ් අරන් තැපැල් සේවකයන් අදත් ගෙයින් ගෙට




ඉදිරි මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ලිපි බෙදීමේ කාර්යාල 2,090 ක් අද දිනයේ විවෘත කරන බවයි තැපැල් දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අනුව පෙරවරු 08.00 සිට පස්වරු 06.00 දක්වා තැපැල් සේවකයින් ගෙයින් ගෙට ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හරින බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.