Friday, December 27, 2024

General line - 0115112241

උතුරු කොරියාව රුසියානු හමුදා ශක්තිමත් කරද්දී ඇමරිකාවෙන් යුක්‍රේනයට යුද ආධාර පැකේජයක්




උතුරු කොරියානු හමුදා භටයන් 10,000ක් රුසියානු හමුදාවන්ට සහාය දීමට පැමිණීමත් සමග ඇමරිකාව යුක්‍රේනයට අතිරේක ඩොලර් මිලියන 425ක යුද ආධාර ලබා දීමට තීරණය කර තිබෙනවා

ඒ අනුව ඇමරිකාව විසින් යුක්‍රේනයට ඩොලර් මිලියන 425ක පමණ යුද ආධාර ලබාදීමට සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ආධාර පැකේජයට ගුවන් යානා නාශක මිසයිල පද්ධතිය සහ මිසයිලද පතොරම් මෙන්ම මිනිසුන් රහිත ගුවන් යානා (UAV) සඳහා උපකරණ අධි සංචලන කාලතුවක්කු රොකට් පද්ධති සහ මිලිමීටර් 155 සහ105 කාලතුවක්කු සහ සන්නද්ධ වාහන මෙන්ම යුද ටැංකි නාශක අවි ද ඇතුළත්.

තවද  කුඩා අවි සහ ඔවුන්ගේ පතොරම්, වෛද්‍ය උපකරණ, අමතර කොටස්, ආධාරක උපකරණ, පුහුණුව සහ ප්‍රවාහනය ද ආධාරයට ඇතුළත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

මේ අතර යුක්‍රේනයේ නැඟෙනහිර නගර රැසකට රුසියානු මිසයිල ප්‍රහාර එල්ල වෙමින් පවතිනවා.

පෙරේදා සිට එල්ල වන ප්‍රහාරවලින් මහල් නිවාස සංකීර්ණයක තුන් දෙනෙකු මියගොස් තිබෙනවා.