Tuesday, December 3, 2024

General line - 0115112241

වරදාන සහ වරප්‍රසාදවලට ජනතාව නොරැවටෙන බව පැෆ්රල් සංවිධානය කියයි




අපේක්ෂකයින් ලබාදෙන වරප්‍රාසදවලට නොරැවටී මෙවර මහ මැතිවරණයේදී ඡන්දය භාවිතා කරන ලෙස පැෆ්රල් සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

යම් කෙනෙකු අපේක්ෂකයන් ලබාදෙන මුදලට සහ වරප්‍රසාදවලට යටවී ඡන්දය භාවිතා කළහොත් නැවතත් රට ආර්ථික වශයෙන් පසුබෑමකට ලක්වන බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ.


ජනතාව මේ වන විටත් ඡන්ද දායකයින් පිළිබඳ දැනුවත් වී සිටින බැවින් මැතිවරණය වෙනුවෙන් වරප්‍රසාද ලබාදෙන අපේක්ෂකයින් මෙවර මහ මැතිවරණයේදී ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.