Sunday, November 24, 2024

General line - 0115112241

පකිස්තානයේ ලාහෝර් නගරයේ පාසල් සතියකට වැසෙයි




පාකිස්තානයේ ලාහෝර් නගරයේ පාසල් සතියක කාලයක් වසා දමා තිබෙනවා.

ලාහෝර් නගරයේ වායු දූෂණ තත්ත්වය හේතුවෙන් එරට බලධාරින් එම පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

පාසල් සිසුන් සඳහා පසුගිය මාසයේ සිට එළිමහන් ක්‍රියාකාරකම් තහනම් කර තිබෙනවා.

එමෙන්ම පාසල් පැවැත්වෙන වේලාවන් ද සංශෝධනය කර තිබූ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

මේ අතර කාර්යාල සේවකයන්ගෙන් සියයට 50 ක පිරිසක් නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදයක් ද ක්‍රියාත්මක කිරීමටයි තීරණය වී ඇත්තේ.

හැකිතාක් නිවස තුළම රැඳී සිටන ලෙසත් අනවශ්‍ය ගමන් බිමන්වලින් වළකින ලෙසත් එරට සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම්දී තිබෙනවා. 

වායු තත්ත්ව දර්ශකය අනුව වායු දූෂණය වැඩිම නගරය බවට ලාහෝර් නගරය පත්ව ඇතැයි ද විදෙස් මාධ්‍ය පැවසුවා.