රට මෙහෙය වීම සඳහා ශක්තිමත් දේශපාලන බලයක් හා ජනතාවට සමීප දේශපාලන නායකත්වයක් අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජාතික ජන බලවේගය ඉදිරි මහ මැතිවරණයේදී එම අභියෝගය ජය ගන්නා බවයි බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ.
විපක්ෂයේ දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා.
කෙසේවෙතත් වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා දැක්වූයේ මෙවන් අදහසක්.
පසුගියදා සිදුකල ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ වේදිකාවකදී ද අදහස් පළ වුණා. මේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩී වී උපුල් මහතා.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ඉදිරි මහ මැතිවරණයට තරග කරන රෝසි සේනානායක මහත්මිය ද වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් අදහස් පළ කළා.