ජා-ඇල, කටුනායක හා සීදූව නගර සභා බලප්‍රදේශ සහ කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ මෙන්ම ජා-ඇල, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසක පැය 12 ක ජල කප්පාදුවක් සිදු කෙරෙනවා.
ඒ, හෙට පස්වරු 06.00 සිට පසුදා පෙරවරු 06.00 දක්වා කාලය තුළයි.
මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බියගම ජල පවිත්‍රාගාරයට ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ.