විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ ගාස්තු අඩුකිරීම ප්‍රමාණවත් නොවන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව ගාස්තු සංශෝධනයට අදාළව නව යෝජනාවලියක් ඉදිරිපත් කරන ලෙසයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව දැනුම් දී ඇත්තේ.
එම යෝජනාවලිය ලබන 08 වනදාට පෙර කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙසට ද ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම්දී තිබෙනවා.
පසුගිය ඔක්තෝබර් මස 24 වෙනිදා ලංකා විදුලි බලමණ්ඩලය විසින් විදුලි ගාස්තු සංශෝධනයට අදාළව යෝජනාවලියක් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබුණා.
එමඟින් විදුලි ගාස්තු සියයට 4ත් 11ත් අතර ප්‍රතිශතයකින් පහළ දැමීමට ලංකා විදුලි මණ්ඩලය විසින් යෝජනා කර තිබෙනවා.
මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීම නවතා එහි අත්‍යවශ්‍ය ප්රතිංස්කරණය ඉදිරියට සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩලය තීරණය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර ඇත්තේ පසුගිය මස 23 වන දින සභාපතිවරයා සහ අධ්යක්ෂ මණ්ඩලය විසින් පවත්වන සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බවයි.
මේ අතර ඉන්ධන සඳහා මිල සූත්‍රයක් ක්‍රියාත්මක වීම හරහා පාරිභෝගිකයන්ට සහ සංස්ථාවට අසාධාරණයක් නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. එස්. ද රාජකරුණා මහතා පැවසුවා.
මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. එස්. ද රාජකරුණා මහතා