මාසිකව මිල සංශෝධනයට අනුව මෙම මාසයට අදාළව ගෑස් මිල ගණන් සංශෝධනය නොවන බව ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් පවසනවා.
ජාත්‍යන්තර වෙළඳපොලේ ගෑස් මිල මේ වන විට ඉහළ යමින් ඇති බවයි එම සමාගම් පැවසුවේ.
කෙසේවෙතත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් ගෑස් මිල සංශෝධනය නොකිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690 කටත් කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482 කටත් කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694 කටත් අලෙවි කරන බවයි ලිට්රෝ සමාගම පැවසුවේ.
මේ අතර කිලෝග්‍රෑම් 12.5 ලාෆ් ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680 ක මිලට තවදුරටත් අලෙවි කරන බව එම සමාගම පවසනවා.
ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක් තවදුරටත් අලෙවි වන්නේ රුපියල් 1,477 ක මිලකටයි.
පසුගිය මාසයේදී ද ගෑස් මිල ගණන්වල වෙනසක් සිදු වූයේ නැහැ.