විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා දිනයක් වෙන්කරවා ගැනීමට ලබන 06 වනදා සිට සිය වෙබ් අඩවියට පිවිස ඔන්ලයින් ක්‍රමය යටතේ සිදුකල හැකි බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
එහි වැඩබලන පාලක ජනරාල් නිලූෂා බාලසූරිය මහත්මිය අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනතාවගෙන් ඉල්ලා සිටියේ දිනයක් වෙන්කරවා ගැනීම සඳහා එදින සිට සිය දෙපාර්තමේන්තුවට නොපැමිණෙන ලෙසයි.
ඒ අනුව දෙසැම්බර් මස මුල් දිනයක සිට දිනයක් වෙන්කර ගත හැකි බවයි වැඩබලන ආගමන හා විගමන පාලක ජනරාල් නිලූෂා බාලසූරිය මහත්මිය වැඩිදුරටත් පැවසුවේ.