Thursday, December 26, 2024

General line - 0115112241

ඉන්දියාවේ රතු ඉර පනී - කැනඩාවට රතු එළියක්




ඛලිස්තානි ත්‍රස්තවාදී හර්දීප් සිං නිජ්ජාර් ඝාතනයට ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා සම්බන්ධ බවට කැනේඩියානු රජය විසින් මෑතදී කරන ලද චෝදනාවලට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විරෝධය පළ කර තිබෙනවා.

එම අමාතංශය පැවසුවේ කැනඩාවේ චෝදනා "විකාර සහ පදනම් විරහිත" ලෙස විස්තර කර කැනඩාවට එරෙහිව විධිමත් විරෝධතාවක් ඉදිරිපත් කළේය.

සෙනසුරාදා පැවති මාධ්‍ය හමුවකදී ඉන්දීය විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක රන්දීර් ජයිෂ්වාල් ප්‍රකාශ කළේ ඉන්දියාවේ දැඩි විරෝධය පළ කරමින් කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයෙකුට "රාජ්‍ය තාන්ත්‍රික සටහනක්" භාර දුන් බවයි.

"නවතම කැනේඩියානු ඉලක්කය සම්බන්ධයෙන්, අපි ඊයේ කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයා කැඳවනු ලැබුවා.''

''නියෝජ්‍ය අමාත්‍ය ඩේවිඩ් මොරිසන් විසින් කාරක සභාව හමුවේ ඉන්දීය මධ්‍යම ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වෙත කරන ලද අභූත සහ පදනම් විරහිත සඳහන සම්බන්ධයෙන් ඉන්දීය රජය දැඩි විරෝධය පළ කරන බව එම සටහනේ සඳහන් කර ඇත.'' යනුවෙන් ජයිශ්වාල් පවසා තිබෙනවා.

ජයිස්වාල් වැඩිදුරටත් පැවසුවේ, ජාත්‍යන්තර මාධ්‍ය වෙත පදනම් විරහිත කරුණු ඉදිරිපත් කිරීමට කැනේඩියානු ඉහළ පෙළේ නිලධාරීන් හිතාමතා උපාය මාර්ගයක් සැලසුම් කර ඇති බවත්, එය ගෝලීය වේදිකාවේ ඉන්දියාව අපකීර්තියට පත් කිරීමේ අරමුණින් බවයි.

මෙම රටාව වත්මන් කැනේඩියානු පරිපාලනයේ දේශපාලන න්‍යාය පත්‍රය සහ හැසිරීම් පිළිබඳව ඉන්දියාවේ දිගුකාලීන උත්සුකයන් සමඟ සමපාත වන බව ඔහු සඳහන් කළා.

එවැනි "වගකීම් විරහිත ක්‍රියා" ද්විපාර්ශ්වික සබඳතාවලට බරපතල ප්‍රතිවිපාක ඇති කළ හැකි බවටයි ඔහු නැවත අවධාරණය කළේ.