පසුගිය දිනවලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට අද සහ හෙට ඡන්දය සලකුණු කිරීමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එම තැපැල් ඡන්ද හිමියන්ට තමන්ගේ සේවා ස්ථානයේ පිහිටි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට හැකි බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ.
මේ අතර අද දිනයේද තැපැල් ඡන්දය සලකුණු කිරීම නිරීක්ෂණය කරන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියා.
මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම අදින් අවසන් කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.
මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ තැපැල් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා.