රාජ්‍ය, පෞද්ගලික සහ වතු කම්කරුවන්ගේ වැටුප් ස්ථිර වශයෙන්ම වැඩි විය යුතු බව කැබිනට් අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
ජීවන බර වැඩි වීමට සමගාමීව ජනතාවට ලැබෙන මුදලින් දෛනික ආහාරපාන ලබා ගැනීම පවා අපහසු වී ඇති බවයි නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ.
ජාතික ජන බලවේගයෙන් වෛද්‍යවරු පමණක් 40කට ආසන්න ප්‍රමාණයක් මහමැතිවරණය සඳහා තරඟ කරන බව පැවසූ අමාත්‍යවරයා, ජනතාවගෙන් ඉල්ලා සිටියේ දූෂණ චෝදනා එල්ල නොවූ අපේක්ෂකයින් පාර්ලිමේන්තුවට තෝරා පත් කරගන්නා ලෙසයි.