Friday, December 27, 2024

General line - 0115112241

අවුරුදු 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට ඕස්ට්‍රේලියාවෙන් නව නීති





ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් විසින් වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට සැලසුම් කර ඇති බවයි ඔහු පැවසුවේ.

එම යෝජනාව සහිත නව නීති එළැඹෙන සතියේදී එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

අදාළ යෝජනාව අනුමත කිරීමෙන් මාස 12කට පසුව එය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙලෙස ඉන්ස්ටර්ග්‍රෑම්, ෆෙස්බුක්, ටික්ටෝක්, ටුවිටර්, යූටියුබ් යන සමාජ මාධ්‍යයන් තහනම් කිරීමට පියවර ගන්නා බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඒ අනුව අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය ජාලා තහනම් කිරීම වෙනුවෙන් පියවර ගන්නා පළමු රට ඕස්ට්‍රේලියානු වනු ඇති බවයි වාර්තා වන්නේ.

සමාජ මාධ්‍ය වෙත දරුවන්ට ප්‍රවේශ වීම අවහිර කිරීම සඳහා වයස තහවුරු කිරීමේ ක්‍රමයක්  අත්හදා බැලීමටද ඕස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් එම ක්‍රියාමාර්ගය සමාජ ජාල භාවිත කරන තරුණයින්ට අදාළ නොවන බවයි ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් වැඩිදුරටත් සඳහන් කළේ.