Sunday, November 24, 2024

General line - 0115112241

ජනතාවට ලබා දුන් පොරොන්දු රජයට දැන් අමතක වෙලා - සජිත් කතා කරයි




මහමැතිවරණය සම්බන්ධයෙන් මේ දිනවල දේශපාලන වේදිකාවල විවිධ අදහස් පළ වනවා.

බියගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ පළපුරුදු පුද්ගලයින් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගන්නා ලෙසයි. 

දූෂණ චෝදනා එල්ල නොවූ පුද්ගලයින් සොයා බලා පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීම ජනතාවගේ වගකීම බවයි අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මහනුවර ප්‍රදේශයේ ජන රැළියක් අමතමින් පැවසුවේ. 

වර්තමාන රජය ජනතාවට ලබා දුන් පොරොන්දු කිසිවක් මෙතෙක් ඉටු කර නොමැති බවයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු වර්තමාන රජයෙන් ඉල්ලා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන ඇති එකඟතා පිළිබඳ ජනතාව දැනුවත් කරන ලෙසයි. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මහමැතිවරණය සඳහා තරුණ කණ්ඩායමක් ඉදිරිපත් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.